1956 දී බණ්ඩාරනායක මහත්තයා රාජ්‍ය භාෂාව සිංහල කරනකොට උඩ පැනල හුරේ ඳීපු අපේ අප්පුහාමිලයි , අපේ හාමුදුරුවොයි හිතුවා අපි දිනුව කියල...
ඒ.................ත්
අපි වලේ වැටුන කියල කාටවත් තේරුනේ නෑ...
බණ්ඩාරනායක මහත්තයගේ කෙරුවාවෙන් අපි අනාත වුනා..
ඒ කාලෙ තිබුන ඉංග්‍රීසි අධ්‍යාපනය කඩා වැටුනා
චන්ද්‍රිකාල සෝබෝන් යැව්වා..
ඉංග්‍රීසි දත් පංතිය හා නොදත් පංතිය කියලා පංති දෙකක් හැදුවා..
බණ්ඩාරනායක මහත්තයගේ පන්තිය දිනුවා.. සුපිරි රැකියා,තනතුරු ආදිය ඒ පංතියටම සින්න උනා
අපේ අප්පුහාමිගේ,සිරියාවතීගේ දරුවන්ට ජාත්‍යාලය සමග සිංහල ..
අන්තිමට නියම මොළ කාරයෝ සිංහල සමඟ ලංකාවටම කොටු උනා..
මොළේ අඩු ඉංග්‍රීසි දත් පංතිය ලෝකයම ඇල්ලුවා.. නායකයෝ උනා..පාලකයො උනා.. රටට කෙලවුනා..
**********************************************************************************
ඒත් නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඩිංගක් ඔළුව ඉස්සුවත් අද අපේ ඉංග්‍රීසි අධ්‍යාපනයේ මට්ටම අපි කවුරුත් දන්නවනේ..
අඟහරු මත ඇවිදින්න යානයක් හදන්න අපේ මිනිහෙකුට පුළුවන් නම් අපේ මොළ ගැන කවර කතාද??
කොම්පියුටර් කියන්නේ අපේ අයට මොන ගේමක්ද?
සිංහල අකුරක් දන්නැති පොල් කඩන මිනිහත් දන්නවා බ්ලූටූත් වලින් සිංදු ගන්න ..
අපේ මිනිස්සු හරියට ඉංග්‍රීසි දන්නවා නම්.....
ප්‍රෝග්‍රෑම්(Software) හදලම රට ගොඩ ගන්න තිබුනා..
VB කියන්නේ මොනවාද? කෝඩින් කියලා ලියන්නේ ඉංග්‍රීසි වචනෙම නේද? අපේ ඉස්කෝලවල සිලබස් එකේ අවුරුදු ගනන් උගන්නනේ මොනවාද? අපේ එවුන් හරියට ඉංග්‍රීසි දන්නවා නම් ...
*********************************************************************************
අපිට දැන් අපි කරපුවත් , අපිට කරපුවත් කතා කරල වැඩක් නෑ...
සිංහල යුනිකෝඩ් තියනවා..
ලිනක්ස් ටීම් එකත් ෆෙඩෝරා සිංහල කර ගෙන යනවා..
හොඳයි....හොඳයි........හොඳයි
1956 දී ඉඳල වෙචිව වැරැද්ද අපිට හඳන්න දැන් බෑ..
සිංහලෙන් අධ්‍යාපනය ලබපු සිංහලෙන් ඉගන ගනිපු සිංහලෙන් හිතපු අපේ කට්ටියව සිංහලෙන්ම ගොඩ දමමු..
ඒත් සිංහලෙන් උගන්වමු , සිංහලෙන් සිතවමු , ඉංග්‍රීසියෙන් වැඩකරවමු.
මොකද එහෙම නොවුනොත් 1956 දී ඉංග්‍රීසි වලට කරපු දේ ක්‍රී.ව. දෙඳහස් ගනන් වලදී කොම්පියුටර් වලටත් කරා කියලා අපේ මිනිස්සු අනාගතේ එක් දවසක අපිටත් දොස් කියන නිසා.. මතක තියාගන්න "අපේ සිංහල අපිට විතරයි. අපි ජීවත්වෙන්නෙ විශ්ව ගම්මානයකයි "
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment