
ජනාධිපතිවරණය අවුරුදු 02 කට පෙර පැවැත්වීමට ජනාධිපතිතුමා තීරණය කරලා.
බෙන්තර ගඟෙන් එහා පැත්තේ දෙන්නෙක් කරට කර තරඟයක..
මේ දෙන්නම අපේ.. ඒ කියන්නේ දකූණෙ ..
දෙන්නම වීරයෝ.. අවුරුදු තිහක් තිස්සේ කිසිවෙකූට වත් කරන්න බැරි උන වැඩක්
කරපු හොදම වැඩකාරයො දෙන්නෙක්...
එක හා සමානව ශ්‍රී ලාංකිකය දේශප්‍රේමීන්ගේ හඳවතට ඇතුල් වුනු ආදරණිය මිනිසුන් දෙදෙනෙක්...
එක හා සමානව දේශද්‍රෝහීන්ගේ වෙරයට පාත්‍ර වුන දෙදෙනෙක්...........
ඒත්....... අද
අපේ රට බේරාගත්ත අපේම ආදරණිය මිනිසුන් දෙදෙනා , වීරයන් දෙදෙනා එකිනෙකා හා තරඟ වදිනවා..
හැබැයි ආදරණිය සංග්‍රාමයක් විදියට නෙවෙයි.
එකිනෙකාට වෙරයෙන් ,ද්වේශයෙන් , ක්‍රෝධයෙන් ....
දෙවියනේ ඇයි අපිට මෙහෙම වෙන්නේ...
අවුරුදු 30 දිනන්න බැරිවුන ඒ මහා යුද්ධය අවසන් කරේ මේ දෙන්නා එකතු වෙලා..
අපි ඒ දවස්වල (මානුෂීය මෙහෙයුම සිදුකරන කාලේ)ප්‍රවෘත්ති බැලුවේ ජනාධිපතියි,හමුදාපතියි හදවතේ තුරුළු කර ගෙන..
ඒ දවස් වල වගේම අදත් අපේ වීරයෝ දෙන්නා මේ දෙන්නා තමයි.
මේ දෙන්නා මාතෘභුමියේ නාමයෙන් එකට එකතු උනා නම් කොච්චර හොදද?
දෙන්නම එකතුවෙලා අමාරුම යුද්දෙ හරියට කරාම අපි හිතුවා සංවර්ධන යුද්ධයත් එකට කරයි කියලා..